එදා මාසේ අන්තිම දවස. කැම්පස් ඉවර වෙලා අපි දෙන්න ගෙදර එන ගමන්.කොහොම කොහොම හරි අපි දෙන්නා වෙන් වෙන තැනටම අවා. එයා සමු අරගෙන ගියාට ටික වෙලාවකට පස්සේ මගේ ජංගමයට මැසේජ් එකක් ආවා.
සුදූ හාල් සේරුවක් ගේන්න.
මොකක්ද පැටියො මේ හාල් සේරුවේ කථාව ?
එයත් අන්දුන් කුන්දුන් වෙලා මම අහපු එකට. එයා කියනවා එයා එහෙම එකක් එව්වේ නෑලූ. ඊට පස්සෙ බලද්දී තමා දැක්කේ ඒක එවලා තියෙන්නේ අපේ අක්කා.
මම දැන් ෆුල් හොල්මන් අපේ අක්කා මොකද මේ කවදාවත් නැතිව මට සුදූ කියන්නේ ? වෙන එක්කෙනෙක්ට යවපු එකක් වැරදිලාවත් මගේ එකට ඇවිල්ලද ? එයාට මොකටද හාල් ගේන්න කියන්නේ ? ප්රශ්ණ ගොඩයි. !! ඕකත් හිත හිත මම කඩෙන් සම්බා හාල් කිලෝ එකක් අරගෙන ගෙදර ගියා.
ගෙදරට ගොඩ වෙන්නත් කලින් අපේ අම්මා මෙගෙන් අහනවා පුතේ කැකුළු හාල් ගෙනාවද හෙට කිරිබත් හදන්න ? එතකොට තමා මගේ මීටරේ ඔන් උනේ. අක්කා සුදූ කියලා තියෙන්නේ මට නෙමේ. හාල් වලට. (:කැපිටල් පී)
කොහොම කොහොම හරි එදා මරු බයිටක් තමා කන්න උනේ. දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා. හනෙ හෆෝයි මටත් වෙච්චි දෙයක්.
කොහොම කොහොම හරි එදා මරු බයිටක් තමා කන්න උනේ. දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා. හනෙ හෆෝයි මටත් වෙච්චි දෙයක්.
මම IT ඉගෙන ගන්න කාලේ මට මෙහෙම Message එකක් ආවා අපේ බැච් එකේ ලස්සන කෙල්ලෙක් ගෙන්.
ReplyDelete"ANE OYATA WELAWAK THIYENAM SUDO CODE EKA EWANNAKO"
මට මාර හැපි "සුදෝ" කියපු එකට. ඇයි ඉතින් සුදෝ කියල එයාම මුල පුරන්නේ මොනව හරි හිතේ තියෙන හින්දනොවැ.
පස්සේ බැලින්නං මේකි ... මට මේ ලියල තියෙන්නේ PSEUDO
කියන එකනේ කම්මැලිකමට.
මමත් ඉතින් හාල් ගේන්න කියයි දවසක නේද සුදූ.. !!
ReplyDelete