Friday, July 23, 2010

පොඩි කතාවක්

ලියුවේ යසසි

ඔන්න එක පොඩි ගෑණු ලමයෙක් උන්නා...

එයගේ හොඳම යාලු පොඩි පිරිමි ලමයෙකුත් උන්නා..

ඉතින් එක දවසක් මේ දෙන්නා මොකක්දෝ එකකට රංඩු උනා..

පොඩි ගෑණු ලමයා හයියෙන් සද්ද කරලා මෙහෙම කීවා..

"අපේ තාත්තා පොලීසියේ..!"



පොඩි පිරිමි ලමයාත් ඇරියේ නෑ.

ඒකා කීවා "අපේ තත්තා ටීච කෙනෙක්..!!"



පොඩි ගෑණු ලමයා ටිකක් කල්පනා කලා...

"අපේ අම්මත් පොලිසියේ...!"

ඉස්සරටත් වැඩිය හයියෙන් මේ පාර..



"අපේ අම්මත් ටීච කෙනෙක්..!!"

පොඩි පිරිමි ලමයා කට ඇද කරලම කීවා..



ඔහොම ටිකක් සැරට රන්ඩුව ගිහින් එදාට ඉවර උනා...



පොඩි ගෑනු ලමයා ගෙදර ගිහින් තත්තා එනකන් බලන් උන්නා..

තාත්තා අවම එයා කියනවා..

තත්තේ .. තාත්තට හෙට ඉස්කොලේට එන්න පුලුවන්ද?

පොඩි ඉල්ලීමක්නේ.. අහක දාලා බෑනේ.. ඉන්ජිනේරු තාත්තා නිවාඩු දාන්න පොරොන්දු උනා..



පහුවදා උනා...



ඔන්න පොඩි ගෑණු ලමයා ඉස්කොලේ ගියා..



පොඩි පිරිමි ලමයත් ඇවිත් උන්නා..



දෙන්න හොඳට කාත බහත් කලා..



ටික වෙලාවකින් පොඩි ගෑනු ලමයගෙ තාත්තා ඉස්කොලෙට අවා..



පන්තියේ දොර ගාවට ගිහිං තාත්තා පිලිගත්ත පොඩි ගෑනු ලමයා,

"ඔහොම පොඩ්ඩක් ඉන්න තාත්තේ..."

කියල විදිලි වේගයෙන් අනිත් පැත්ත හැරුනා අර පොඩි පිරිමි ලමය ගාවට ගියා..

"චටාස්" ගාලා කන රත් වෙන්න පාරක් ගැහුවා ආපහු තාත්තා ලඟට දිව්වා

"හරි තාත්තේ... තාත්තා යන්න.."

හිනා කටෙං පොඩි ගෑනු ලමය කීවා..



අර පොඩි පිරිමි ලමය තාමත් කන අල්ලන් කල්පනා කරනවලු මොකො උනේ කියලා..



කතාව කොහොම වෙතත් ඔය පොඩි ගෑණු ලමය මම නම් නෙවේ ඔන්න....

13 comments:

  1. අනේ මටත් තේරුණේ නැහැනෙ :'(

    ReplyDelete
  2. මට නොතේරුනෙමි

    ReplyDelete
  3. මට තේරුණෙත් නෑ නෙ :(

    ReplyDelete
  4. මටත් තේරුණෙ නැහැ

    ReplyDelete
  5. මට නම් තෙරුනා තේරුනේ නැ කියල

    ReplyDelete
  6. තේරුනේ නැත.. ඉතින් ඊට පස්සෙ... ???

    ReplyDelete
  7. ඊලඟ පෝස්ට් එකේදී මේක අපිට තේරුන් කරලා දෙනවද...

    ReplyDelete
  8. Aney matath onna therune na :(

    ReplyDelete
  9. හෆොයි... මාර වැඩේ.... ඒක එච්චර අප්සැට්ද? මමයි ඔය පිරිමි ලමයයි රන්ඩු උනා.. මන් කිවා අපේ තාත්තා පොලිසියේ කියලා බොරුවට..
    රන්ඩුව පරාද උන දුකට තමයි තාත්තට එන්න කියල පේන්ඩ ඉන්න වෙලවේ අර කොල්ලට ගැහුවේ හය්ය පෙන්නන්න. අනේ ඉතින් ඕක කියවිල නැද්ද මේ කතවේ....

    ReplyDelete

 

Sample text

Sample Text

Sample Text