Thursday, October 11, 2012

වයර් ...






ලියුවේ යසසි

ඉස්කෝල කාලේ හෆොයි තමයි කීවට තවම එක කතාවක් වත් කිවේ නෑනේ , නේද ?

ඔන්න මගේ හොදම , හොදම කියන්නේ ඉස්තරම්ම මිත්‍රයෙක් (ඉ.මි) ඉන්නවා. හය වසරේ සිට මෙතෙක් දක්වාම අපි ඉතිං සහෝදරියෝ වගේ තමයි. ඉස්සර ඉස්සර කාලේ අපි දෙන්න එක පන්තියේ ඉන්නකොට කාන්දමක් සහ ඉන්දිකට්ටක් වගේ එකට ඉන්න පුළුවන් උනේ දෙන්නටම තිබ්බ එකෝම එක ගති ගුණයක් නිසා.. ඒ තමයි වයර් මාරු වීම . දෙන්නටම හොදටම තිබ්බ එකම හැකියාවත් මේක විතරයි. එකෙක්ට නැත්තන් අනිකාට වශයෙන් කොයි වෙලේ බැලුවත් දෙදෙනා අතර  වයර් මාරු වීමක් දක්නට ලැබුනා..  මේක පන්තියේ හුගක් ළමයින්ට සහ ගුරුවරුන්ට ප්‍රශ්නයක් නොවුනේ වයර් මාරු නොවුන කෙනා වයර් මාරුවුනු කෙනාව හැම වෙලේම වගේ හොදට බලාගත්ත නිසයි. හැබැයි මේක මේ කියන තරම් ලේසි උනේ නෑ.. ගුරුවරයා ඉදිරිපිට එම ගුරුවරයාගේ අන්වර්ථ නාමයෙන් කතා කිරීම,  පන්තිය වැදගත් පාඩමක ඇලී ගැලී සිටිනා අවස්ථාවක හයියෙන් සිනාවීම, පන්තියේ වැඩ කරන විට එලිය බලාගන තනියම දෙඩවීම.. සිංහල period එකේ පොත කියවන්න කියූ විට සිංහල පොත වෙනුවට ඉංග්‍රීසි පොතේ පිටුවක් කියවීම වැනි එකී මෙකී නොයෙක් අවස්ථා වල මේ වයර් මාරු වීම් ගුරුවරුන්ගෙන් වසන් කිරීම ඉතාම අසීරු උනා. මොකද එවැනි අවස්ථා වල  ඒක  කලේ අනිකෙක් නොව වයර් මාරු වූ මේ තකතීරු වහන්සේම බව ගුරුතුමිය හොදාකාරවම දැන ගැනීමයි. එවිට අනිකා ඇදගන දිවීම වැනි මුග්ධ පියවරක් ගන්නවා හැර වෙන පිළිසරණක් නැත. පන්ති කාමරය ඇතුලේ සිටීනම් එයින්ද පලක් නැත. ඒ වැනි අවස්ථා වලට කෙසේ මුහුණ දුන්නාදැයි මා ඔබට නොකියන්නේ ඕවා මතක තබා ගැනීමට අපිට වෙලාවක් නොතිබුන නිසාය. මේ ජරමර කෙසේ විසදුනත් දෙදෙනාටම එක වර වයර් මාරුවූ විට මීට වැඩිය භයානක දේ සිදු වී තිබේ.. නමුත් අපිට ඒවා නිච්චියක් නැත.

අපි දෙදෙනාට තිබුන එක පුරුද්දකි, ඒ නම් උදැසන පාසල් පිට්ටනිය වටා කරක් ගැසීමය, එනම් පිට්ටනිය වටේ ඒක දිගට රවුම් රවුම් අවිදිමය., එක් එක් දින වල වට 6,7, 8 , 9, වශයෙන් වට ගණන වෙනස් වේ.. මේ අතර කාලය ආ ගිය තොරතුරු, T.V එකේ බලපු දේවල්, ඊට අමතරව, නොයෙකුත් විකාර තර්ක හුවමාරු කර ගැනීමට ගතවේ . විකාර තර්ක අතර  ඉර ගිනි ගන්නවා නම් අභ්‍යවකාශය රස්නේ නැත්තේ  ඇයි? වැනි දේ තිබිණ. ( එය විකාර තර්කයක් නොවන බව  ගොඩාක් පහු කාලෙකදී දැනගතිමි). ඉතිං කොහොම හරි කතාවට ආවොත්...එක උනේ මෙහෙම,

ඔන්න ඒ වෙලාවේ වයර් මාරු වෙලා තිබ්බේ මට නෙවේ.. මගේ ඉස්තරම් මිත්‍රයා මට කතාවක් කියමින් සිටියා.කතරගම වන්දනාවේ ගිහින් ආ වාහනයක් accident එකක් හැප්පීම නිසා කීප දෙනෙක් මිය ගිය සිද්දියක්..

ඉ.මි. : ඔව් අනේ අපේ ගෙවල් පාරේ ..

මම : අපොයි ඉතිං ඔක්කොලටම තුවාලද?

ඉ.මි. : ඔව්ලු දෙන්නෙක්ද කොහොදෝ අන්තිමයි

මම: කොයි වේලාවේද වෙලා තියෙන්නේ?

ඉ.මි. : පාන්දර,

මම : ආ .... කොහේ යන්න ගිහින්ද?

ඉ.මි. : ඒ ගොල්ලෝ කතරගම යනකොට , ගිහින් එනකොට , නෑ යනකොට ගිහින් එනකොට , නෑගිහින් යනකොට ,, නෑ නෑ එනකොට , හ්ම්ම් යනකොට ...

මම  : ආ ඇති ඇති ..

ඉ.මි : නෑ යනකොට ,එනකොට ...

මම  : ඇති....................

ඉ.මි : ආ ඇතිද ? එත් තව ඉවර නෑ..

 ඔන්න එයාට වයර් මාරු උණ වෙලාවක්, දන් බලමු මට වයර් මාරු උණ වෙලාවක්.. නැත්තන් මේක දැක්ක හැටියේ මගේ ඉ.මි. මේක ලියන්න ඉඩ තියනවා. එක නිසා මම්ම ලියනවා. ඒක නම්බුයි :)


මම එයාට රොබින් හුඩ් කතාව කියනවා, එයාට බලන්න බැරි වෙලා.

මම : ඉතිං එතන හෙන යුද්දේ , යකා එහෙං,  ගිස්බන් මෙහෙන්,  මැරියන් අනිත් පැත්තේ.. ඔහොම ගොඩක් වෙලා ගහගන ගහගන අන්තිමේ  රොබින් පැනපු ගමන් බදා ගන්නවා...

ඉ.මි  : කව්ද යකාව?

මම : ඔව් යකාව .. ඊ ... නෑ නෑ මරියන්ව.

(තප්පර 2.5 කට පසු)

මම : රොබින් මොකටද ඕයි යකාව බදාගන්නෙ ඔල්මාදෙද?

ඉ.මි : ඉතිං මමයැ කිවේ...

තවත් මෙවැනි වයර් මාරු වීම් පසුවට ලියමි...

ගහින් එන්නම් ... :)

12 comments:

  1. වයර් කියන්නේ හොඳටම වයර් නේ :පී

    ReplyDelete
    Replies
    1. හී හී අයෙත් අහලා :පී

      Delete
  2. හෆොයි ම තමයි.... ඒ,, ඇත්තට ඉස්කෝලේ කාලේ කතාම ඇති පොතක් ගහන්න නේ??kira dakke naa meka??
    --yasho--

    ReplyDelete
  3. තවම දැකල නෑ වගේ :පී

    ReplyDelete
  4. මේවා කියවද්දි අපිටත් වයර් මාරුවෙනවා වගේ

    ReplyDelete
  5. ඉ.මි. කිව්වේ ... මේ අපේ ඉමි එක ද ....?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඉස්තරම් මිත්‍රයා කොට කරලා

      Delete
  6. අපොයි දෙයියනේ එහෙමත් අය ඉදල තියෙනවද? (මේව මගෙ ශිෂ්‍ය ප්‍රජාව දැක්කොත් හත්වලාමයි...!!!
    )

    ReplyDelete
  7. හි හි හි :)

    ReplyDelete

 

Sample text

Sample Text

Sample Text