Saturday, May 15, 2010
රුපියල හම්බ උනු හැටි.
ලියුවේ යසසි..
හෆොයි බ්ලොග් එකෙ තියෙන්න ඕනි මොනවද කියල අහපුවම වගකිව යුත්තා කිවේ හෆොයි කියල හිතෙන ඕනිම දෙයක් කියල. ඉතින් එතකොට මගේ ඉස්කොල ජිවිතෙ අමතක කරන්නෙ කොහොමද? ඒක ඉතින් පටන් ගත්ත දවසේ ඉඳලම හෆොයි තමයි..
පොඩිම කාලෙ වෙච්ච දෙයක් කියල ඉන්නම්කො ඉස්ස්කොලෙට යන්න කලිංමේක සිද්ද උනේ මගේ ආදරනීය සීය ජිවත් වෙලා ඉන්න කාලේ..
අපේ සීයා හරීම ලස්සනයි. බොහොම උසයි ඒ වගේම මහතයි.. කොන්ඩේ සුදුම සුදුයි.. නැශනල් එක තමයි ඇන්දේ. සීයා ගෙදරට ඇන්දේ සරමයි මේස් බැනියමයි.. මේස් බැනියම යට කරල එහෙම සරමට.. හරීම ලස්සනයි.. හිටපු මුල් ගුරුවරයෙක්.. හ්ම්ම්..
ඉතින් කතාව කියල ඉන්නම්කො.. ඔන්න සීයයි මමයි විතරයි ගෙදර, අම්ම ඉස්කොලේ ගියාම හැමදාම ඔහොම තමයි..
සීයා පුටුව උඩට වෙලා පොතක් කියවනවා. එහෙමත් නැත්තං ඔය පරන කවි පොතක කවියක් හිමිට මුනුනනවා.. ඒ ගමං හාංසි පුටුවෙ ඇන්දට තාලෙට තට්ටුවක් දානවා..
මම හාංසි පුටුව පාමුල චිත්රයක් අඳිනවා, නැත්තං පොතක් කියවනවා, නැත්තං මොනවා හරි ගැන ඔහේ කියවනවා..
නැතුව ඉතිං සීයත් එක්ක ඔට්ටු දුවන්නයැ..
කම්මැලි කමට සීයත් එක්ක ඔහොම ඉන්න වෙලවක, ඔය ලඟ පාත රුපියලේ කාසියක් තියෙන්න ඇති, කොයි හරි වෙලාවක මං ඕක කටේ දාගන්නත් ඇති, මට ඉතිං කටට දාගත්තට පසෙ ඔවා ගැන හොයන්න වෙලවක් නැහැනේ..
ඉතිං කියන්නේ මට ඒක ගිලුනා..
අවුරුදු 4ක ලමයෙකුට රුපියලෙ කාසියක් ගිලගන්න පුලුවං
උගුරෙන් පහලට යනකං ටිකක් අමරුයි එත් පුලුවං,
ඔන්න උගුරෙන් පහලට යන ටිකට මට පොඩි කැස්සක් ආවා...
එතකොටම සීයගෙ කවිය නැවතුනා..
මා දිහා බැලුවා..
එක මොහොතින් සීයට සියල්ල අවබෝධ උනා..
මං නැගිට්ටා.. සීයත් නැගිට්ටා..
සීයා මාව හරහට වඩා ගත්ත එත් හදිස්සියට සියට මාව අහු උනේ අනිත් පැත්තට..
එතන ඉඳං සීය දුවන්න පටන් ගත්තා..
මට මුකුත් හිතා ගන්න බෑ.. රුපියල හුඟක් වටිනව ඇති, මං හිතුවා,
මගේ බඩ සීයගේ අතට හිර වෙලා.. ඒ ගමනත් හරි විනෝදයි.. ඔහොම යන ගමං මම කටෙන් සද්දයක් දාන්න පටන් ගත්තා.. අ අ අ අ අ ආආආ අ අ තාලයක් නැති උනත් උඩට පහලට ගැස්සි ගැස්සි යන නිසා ඒක ලස්සන තලයක් උනා..
වෙලවකට පොලවට ලං වෙනව ආයේ ඈත් වෙනවා.. මගේ සින්දුවත් නැගල යනවා..
ඒ වෙලේ පොඩි ප්රස්නේකට තිබුනේ වෙලාව.. කාල ඉවර උන ගමංමයි.. නොනවත්වාම බඩ කැලතෙන්න අරං මට වමනේට ආවා..
මම නවත්ත ගන්න හැදුවා මොන.. කාපුවා සේරම ගියා..
හෆොයි මට හිතුනා..
කාලා වමනේ දානවට අපේ අම්මා කැමතිම නෑ, මට එහෙම හිතුනේ ඒක නිසා වෙන්න ඇති
අර මොකද්ද? හෆොයි මට ආයෙත් හිතුනා..
"සීයේ" මම කෑගැහුවා..
"ඇයි පුතා.." සීය දුවන ගමන්ම ඇහුවා..
"සීයේ රුපියල වැටුනා.. අපිට ඒක ඕනි නේද? එක අරං යං..".
සීයා නැවතුනා..
නවත්ත ගන්න බැරි හිනාවක් කටේ..
"වැටුන නම් කමක් නෑ පුතා".
"කොහොම හරි රුපියල හම්බ උනානේ නේද සීයේ.. "මං පණ්ඩිත කතාවක් කීවා.
මේ වෙනකංම මුනින් අතට කනපිටට උන්න මාව සීය බිමිං තිබ්බා..
අපි දෙන්නම ගෙදර දිහාවට ඇවිදන් ගියා...
සීයා ඔට්ටු දුවන්නත් නරකම නෑ වගේ...
මට හිතුනා.
Subscribe to:
Post Comments (Atom)
මට ඉස්සර කාලේ අත්තම්මා කථා කියලා දුන්නා මතක් වෙනවා.....ඔයා වගේ අය තාමත් ඉන්නව කියල දැනගත්ත එකත් සතුටක්......ඔහොම යමු....නියමයි
ReplyDeleteහික් :D මරු සීන් එක :D
ReplyDeleteනියම කතාව අක්කෙ, කතාව කියපු රටාවත් හරිම ලස්සනයි. කවි විතරක් නෙවේ කතාත් හොඳට පුලුවන් වගෙ
ReplyDeleteහෆොයි! :D :D :D
ReplyDeleteමාර කතාව!!!
ලස්සනයි!බ්ලොග් art එක නියමෙට තියෙනවා.
මරු කතාව ඕක මුලින්ම අහපු වෙලාවේ මට බඩ පැලෙනකන් හිනා ගියා !!
ReplyDeleteහෆොයි! නියම කතාව! මට නම් තවමත් හිනා! :D
ReplyDeleteහෆොයි..>!!!!!!
ReplyDeleteela kathaava
ReplyDeleteහප්පා . . නියම කතාව . . .මැරෙනන් හිනා . . කිව්වත් වගේ ලියපු විදිහත් සිරා . . ඔයා හරි දස්සි නේද . . කවි ලියනන්යි කතා ලියන්නයි . . හැබැයි අර සුරඟාන් කිරිල්ලී කතාවට මම අහපු එකට පිලිතුරක් නම් තාම ලැබුනේ නෑ . . හික් හික්
ReplyDeleteහෆොයි! නියම කතාව!
ReplyDeleteFunny උනාට හරිම සංවේදී කතාවක්. මට මගේ පුංචි කාලේ මතක් උනා ..
ReplyDeleteහෆ්ෆට සිරි මරු නෙවැ..එළ කතාව...
ReplyDeleteඅර
ආආආආ ආ ආ ආ ගාන කොටසට මාර ආසයි මොකක්දෝ හුරු ගතියක් තියෙනවා :D
අර අපි පොට්ට ද කියලා බලන්න දාන අකුරු.. අන්න එවා අයින් කරනවනම් ලොකු උදවක් ඈ...:)
හප්පා! මට ඔය හෆොයි කියන එක පුරුදු නෑනේ. ඒකයි!
ReplyDelete