Showing posts with label ක්‍රිෂාන්. Show all posts
Showing posts with label ක්‍රිෂාන්. Show all posts

Thursday, November 4, 2010

සුදූ ...... හාල් සේරුවක් ගේන්න.

මේ කතාව වුනේ නම් දැනට මාස තුන හතරකට ඉස්සෙල්ලා.

එදා මාසේ අන්තිම දවස. කැම්පස් ඉවර වෙලා අපි දෙන්න ගෙදර එන ගමන්.කොහොම කොහොම හරි අපි දෙන්නා වෙන් වෙන තැනටම අවා. එයා සමු අරගෙන ගියාට ටික වෙලාවකට පස්සේ මගේ ජංගමයට මැසේජ් එකක් ආවා.
සුදූ   හාල් සේරුවක් ගේන්න.
 මට නිකන් පිස්සු වගේ ( කොහොමත් ඉතින් වෙන් වුන ගමන් පිස්සු වගෙ තමා ). මොකද මට සුදූ කියන්නේ ( මම සුදු නැති උනත් ) එයා විතරයි. ඒ හින්දා මට මීටර් උනේ ඒ මැසේජ් එක එයා එව්ව එකක් විදියට. මම හැරෙන තැපෑලෙන් ගත්තා call එකක්.
මොකක්ද පැටියො මේ හාල් සේරුවේ කථාව ?
 එයත් අන්දුන් කුන්දුන් වෙලා මම අහපු එකට. එයා කියනවා එයා එහෙම එකක් එව්වේ නෑලූ. ඊට පස්සෙ බලද්දී තමා දැක්කේ ඒක එවලා තියෙන්නේ අපේ අක්කා. 
මම දැන් ෆුල් හොල්මන් අපේ අක්කා මොකද මේ කවදාවත් නැතිව මට සුදූ කියන්නේ ? වෙන එක්කෙනෙක්ට යවපු එකක් වැරදිලාවත් මගේ එකට ඇවිල්ලද ? එයාට මොකටද හාල් ගේන්න කියන්නේ ? ප්‍රශ්ණ ගොඩයි. !! ඕකත් හිත හිත මම කඩෙන් සම්බා හාල් කිලෝ එකක් අරගෙන ගෙදර ගියා.

ගෙදරට ගොඩ වෙන්නත් කලින් අපේ අම්මා මෙගෙන් අහනවා පුතේ කැකුළු හාල් ගෙනාවද හෙට කිරිබත් හදන්න ? එතකොට තමා මගේ මීටරේ ඔන් උනේ.  අක්කා සුදූ කියලා තියෙන්නේ මට නෙමේ. හාල් වලට. (:කැපිටල් පී)

කොහොම කොහොම හරි එදා මරු බයිටක් තමා කන්න උනේ. දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා. හනෙ හෆෝයි මටත් වෙච්චි දෙයක්.




Monday, May 17, 2010

Chrishan how come that rock came in to poet’s room?

මේක මම O/L’s කරද්දී සිද්ධ වුන සිද්ධියක්. මම O/L වලට අතිරේක විෂයක් විදියට ඉංග්‍රිසී සාහිත්‍ය කලානේ. ඒකට ගිය ටියුෂන් ක්ලාස් එකේදී තමා මේ සිද්ධිය උනේ. ඇත්තටම මම ඔය ක්ලාස් එකට ගියේ කැමැත්තකින් නෙවේ. අපේ අක්කත් කරපු හින්දා මට ගෙදරින් බල කරලා කිව්වා Lit කරන්න කියලා. පටන් ගන්නකොට කෙල්ලෝ 20ක් විතර හිටියා. කොල්ලො හිටියේ 3න් දෙනයි. මාර චාටරේ තමයි හිටියේ. කෙල්ලොන්ගේ පැත්ත ෆුල්. අපේ පැත්ත හිස්.

සිද්ධිය වුනේ මේකයි. අපි Syllabus එක පටන් ගන්න ඉස්සෙල්ලා තියන වෙන ආදර්ශ පොතක් කර කර හිටියේ. අපේ අක්කා මට කලින් මේ ක්ලාස් එකට ඇවිත් තිබ්බ හින්දා අපි කරපු ඒ ආදර්ශ පොතේ තිබ්බ අමාරු වචන වල තේරුම් ඒ වචනයට උඩින් පැන්සලකින් ලියල තිබ්බේ. ඉතින් මම ඕක මගේ ආයුදේ කර ගත්තා. මැඩම් වචනවල තේරුම අහපු ගමන් මුලින්ම පැනලා උත්තර දෙන්නේ මම තමා.

ඉතින් ඔය වැඩේ ජයටම කෙරීගෙන ගියා. දැන් ක්ලාස් එකම හිතන් ඉන්නේ මම නොම්බර එකේ වැඩකාරයා කියලා. ඔන්න අළුත් දවසක් උදා වුනා. එදා කරන්න තිබ්බේ poem එකක්. එකේ තිබ්බේ තමාගේ අපිරිසිඳු කාමරය ගැන කවියා කියන විස්තරයක්. ඔන්න ඉතින් අපි වැඩේ කරගෙන යනවයි කියල කියමුකො. මැඩම් වචන වල තේරුම් අහනවා කට්ටිය පැන පැන තේරුම කියනවා. ඔන්න ටික වෙලාවකින් මැඩම් ඇහුවා වචනයක්. මාත් බැලුවා පොත දිහා. වෙලාවට අක්කා ඒ වචනේ තේරුම ලියලා තියනවා. අක්කටත් පිං දෙන ගමන්ම මම පන්තියටම ඇහෙන්න කිව්වා ඒ අහපු වචනයේ තේරුම පොතේ ලියලා තිබ්බ විදියට ROCK (පර්වතය)කියලා. ඔන්න ඉතින් කොල්ලට ෆුල් හැපි. ඒත් ඉතින් තාම මැඩම් කිව්වේ නෑ උත්තරේ හරි කියලා. මාත් ඉතින් බැලුවා මැඩම් දිහා බොහෝම ආඩම්බරයෙන්.



මෙන්න බොලේ මැඩම් කන්න වගේ බලන් ඉන්නවා. බලන් ඉඳලා අහපි

Chrishan how come that rock came in to poet’s room? කියලා.

මම බැලුවා මෙච්චර දවස් ශේප් එකේ කරන් ආපු වැඩේ මාට්ටුද කියලා. එහෙම හිතලා ආපහු පොත බලද්දි තමා දැක්කේ ඒක ROCK (පර්වතය) නෙමේ RACK (රාක්කය) කියලා. දැන් ඉතින් මොනවා කරන්නද ? ක්ලාස් එකේ ඔක්කොම මගේ දිහා බලන් ඉන්නවා. දැන් ඉතින් කරගන්න දෙයක් නෑ. මම ශේප් එකේ කිව්වා

Sorry Ma’am it should be rack not rock කියලා.

කොහොම හරි වැඩේ මාට්ටු මුළු පන්තියටම. චාටර් කෝටියයි තව චුට්ටයි. කොහොම කොහොම හරි ඉතින් මාසයක් විතර යනකන් කට්ටියගෙම කටේ තිබුනේ Chrishan how come that rock came in to poet’s room? තමා. හෆෝයි. එහෙම චාටරයක් කෑවේ නෑ කවදාවත්ම.
 

Sample text

Sample Text

Sample Text