Tuesday, January 1, 2013

ඇපල් ගණන්






හුඟ කාලෙකට පස්සේ කතාවක් ලියන්න කාලේ හරි, හැබැයි අද කියන්නේ බොහොම පොඩි කතාවක්.

වැඩ ඇරිලාමම රේල්ලුවේ ගෙදර එනකොට, අම්මා කෙනෙකුයි පුතෙකුයි නැග්ගා.. ඉඳගන්න ඉඩක් හම්බුනාම අම්මව හිටෝලා තියලා ඉඳගන්න පුතාලා ඉන්න රටේ මේ පුතා නම් එහෙම කලේ නෑ. දුවගන ගිහින් මගේ අසලම  සීට් ඒක අල්ලගන අම්මට අඬගහල ඉඳගන්න දුන්නා.

මේ පුතා හරි හොඳ පුතෙක්.. අම්මා එක්ක ගොඩක් දේවල් කතා කර කර පුතා දැන් යනවා. දන්නැද්ද ඔය එක එක ඒවා...

ඒ අතරේ පොත් වෙළෙන්දෙක් ආවා..

මේ පුතා නම් පොත් ඉල්ලලා කරදර කලේ නෑ..

ඒ එක්කම රටකජු වෙළෙන්දෙක් ආවා.. පුතා කියනවා.. "රට කජු ගමු නේද අම්මේ නැත්තන් නින්ද යන්න පුළුවන් " දුරදිග බලන පුතාලා එහෙමයි කල්පනා කරන්නේ..

අම්ම එහෙම හිතලා ඔන්න රට කජු ගත්තා.. මේ අස්සෙම ඔන්න ඇපල් වෙළෙන්දෙක් එනවා..

පුතා ඒ පාර කියනවා " අම්මේ ඇපලුත් එනවා.."

අම්මා කිව්වා "හ්ම්ම් නංගිලාටත් එක්ක පහක්ම ගමුද එහෙනම්"

ඇපල් වෙළෙන්දා ටිකක් සද්දේ වැඩි කරලා කෑගහන්න ගත්තා..

"සීයට පහයි ඇපල් හොද රස එක ඇප....ල් සීයට පහ...යි"

පුතා උන්නේ අම්මගේ ඔඩොක්කුවේ වාඩි වෙලා. අසරණයාගේ කට අරුනා.. ඇස් ලොකු උනා, හොල්මනකට බය වෙලා වගේ අම්මා දිහා හැරිලා එක පාරට මෙහෙම කිව්වා..

"අපෝ අම්මේ ගන්න එපා .... සීයට පහයි ලු.. එකක් පන්සීයක්‌!!!!"

 හෆොයි.. මට හිතුනා වගේම අම්මටත් හිතෙන්න ඇති.. අම්මා හුස්ම උඩට ඇදපු පාර මට එහෙම හිතුනා..

කොහොම  හරි අම්මාඇපල් ගත්තා..

ඊට පස්සේ කිව්වා හා දැන් ගාන හදන්න.. 4වසරේ නේද? මගේ දෙයියනේ!!!

ඉතිං!!.

ළමයෝ සීයට පහ නම් එකක් හොයන්න සීය පහට බෙදන්න..

ආ ... එතකොට අම්මේ එකක් රුපියල් දහයද?

දෙයිහමුදුරුවනේ.. නංගිගෙන් ඇහුව නම් නංගි කියයි. සීය බෙදන්න බැරි නම් දහය පහෙන් බෙදන්න..

හතරයි නේ..

ඉටි ගෙඩිය.. පස් වරක් කීයද දහය

දෙකයි.. ( මේ පාර නම් කොල්ලා පාස් )

හ්ම්ම්  එහෙනම් සීයට

විස්සද අම්මේ..

හ්ම්ම්..

මේ අස්සේ දෙන්නම රටකජු කෑවා ..

මට හිනා කාලා පන ගියා..


5 comments:

  1. අයියෝ පවු බං පොඩි එකා

    ReplyDelete
    Replies
    1. පව්දත් අහනවා.. ඉස්සර මමත් ඔහොම තමයි දැන් හිනා උනාට.

      Delete
  2. පොඩි එවුන්ට කෑදර කම ආවම ඔහොම තමා. ගනන් වරදිනවා...

    ReplyDelete
    Replies
    1. හී හී මෙහෙමත් වැරදීමක් :)

      Delete
  3. මට සීන් එක තේරුනේ නැහැ ...

    ReplyDelete

 

Sample text

Sample Text

Sample Text