tag:blogger.com,1999:blog-5327920034356091102024-03-05T13:41:55.939+05:30:::"හෆොයි":::ක්‍රිෂාන් රංදික ජයකොඩිhttp://www.blogger.com/profile/03447306875487182661noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-532792003435609110.post-55748565792792187932013-01-01T17:03:00.000+05:302013-01-02T18:11:32.545+05:30ඇපල් ගණන්

හුඟ කාලෙකට පස්සේ කතාවක් ලියන්න කාලේ හරි, හැබැයි අද කියන්නේ බොහොම පොඩි කතාවක්.

වැඩ ඇරිලාමම රේල්ලුවේ ගෙදර එනකොට, අම්මා කෙනෙකුයි පුතෙකුයි නැග්ගා.. ඉඳගන්න ඉඩක් හම්බුනාම අම්මව හිටෝලා තියලා ඉඳගන්න පුතාලා ඉන්න රටේ මේ පුතා නම් එහෙම කලේ නෑ. දුවගන ගිහින් මගේ අසලම සීට් ඒක අල්ලගන අම්මට අඬගහල ඉඳගන්න දුන්නා.

මේ පුතා හරි හොඳ පුතෙක්.. අම්මා එක්ක ගොඩක් දේවල් කතා කර කර පුතා දැන් යනවා. දන්නැද්ද ඔය එක එක ඒවා...

ඒ අතරේ පොත් වෙළෙන්දෙක් ආවා..

මේ පුතා නම් පොත් ඉල්ලලා කරදර කලේ නෑ..

ඒ එක්කම රටකජු වෙළෙන්දෙක් ආවා.. පුතා කියනවා.. "රට කජු ගමු නේද අම්මේ නැත්තන් නින්ද යන්න පුළුවන් " දුරදිග බලන පුතාලා එහෙමයි කල්පනා කරන්නේ..

අම්ම එහෙම හිතලා ඔන්න රට කජු ගත්තා.. මේ අස්සෙම ඔන්න ඇපල් වෙළෙන්දෙක් එනවා..

පුතා ඒ පාර කියනවා " අම්මේ ඇපලුත් එනවා.."

අම්මා කිව්වා "හ්ම්ම් නංගිලාටත් එක්ක පහක්ම ගමුද එහෙනම්"

ඇපල් වෙළෙන්දා ටිකක් සද්දේ වැඩි කරලා කෑගහන්න ගත්තා..

"සීයට පහයි ඇපල් හොද රස එක ඇප....ල් සීයට පහ...යි"

පුතා උන්නේ අම්මගේ ඔඩොක්කුවේ වාඩි වෙලා. අසරණයාගේ කට අරුනා.. ඇස් ලොකු උනා, හොල්මනකට බය වෙලා වගේ අම්මා දිහා හැරිලා එක පාරට මෙහෙම කිව්වා..

"අපෝ අම්මේ ගන්න එපා .... සීයට පහයි ලු.. එකක් පන්සීයක්!!!!"

හෆොයි.. මට හිතුනා වගේම අම්මටත් හිතෙන්න ඇති.. අම්මා හුස්ම උඩට ඇදපු පාර මට එහෙම හිතුනා..

කොහොම හරි අම්මාඇපල් ගත්තා..

ඊට පස්සේ කිව්වා හා දැන් ගාන හදන්න.. 4වසරේ නේද? මගේ දෙයියනේ!!!

ඉතිං!!.

ළමයෝ සීයට පහ නම් එකක් හොයන්න සීය පහට බෙදන්න..

ආ ... එතකොට අම්මේ එකක් රුපියල් දහයද?

දෙයිහමුදුරුවනේ.. නංගිගෙන් ඇහුව නම් නංගි කියයි. සීය බෙදන්න බැරි නම් දහය පහෙන් බෙදන්න..

හතරයි නේ..

ඉටි ගෙඩිය.. පස් වරක් කීයද දහය

දෙකයි.. ( මේ පාර නම් කොල්ලා පාස් )

හ්ම්ම් එහෙනම් සීයට

විස්සද අම්මේ..

හ්ම්ම්..

මේ අස්සේ දෙන්නම රටකජු කෑවා ..

මට හිනා කාලා පන ගියා..

Yasasi Rajapaksehttp://www.blogger.com/profile/16687848745918750263noreply@blogger.com5tag:blogger.com,1999:blog-532792003435609110.post-68747041480913866812012-10-11T13:54:00.002+05:302012-10-11T16:18:37.326+05:30වයර් ...

ලියුවේ යසසි

ඉස්කෝල කාලේ හෆොයි තමයි කීවට තවම එක කතාවක් වත් කිවේ නෑනේ , නේද ?

ඔන්න මගේ හොදම , හොදම කියන්නේ ඉස්තරම්ම මිත්‍රයෙක් (ඉ.මි) ඉන්නවා. හය වසරේ සිට මෙතෙක් දක්වාම අපි ඉතිං සහෝදරියෝ වගේ තමයි. ඉස්සර ඉස්සර කාලේ අපි දෙන්න එක පන්තියේ ඉන්නකොට කාන්දමක් සහ ඉන්දිකට්ටක් වගේ එකට ඉන්න පුළුවන් උනේ දෙන්නටම තිබ්බ එකෝම එක ගති ගුණයක් නිසා.. ඒ තමයි වයර් මාරු වීම . දෙන්නටම හොදටම තිබ්බ එකම හැකියාවත් මේක විතරයි. එකෙක්ට නැත්තන් අනිකාට වශයෙන් කොයි වෙලේ බැලුවත් දෙදෙනා අතර වයර් මාරු වීමක් දක්නට ලැබුනා.. මේක පන්තියේ හුගක් ළමයින්ට සහ ගුරුවරුන්ට ප්‍රශ්නයක් නොවුනේ වයර් මාරු නොවුන කෙනා වයර් මාරුවුනු කෙනාව හැම වෙලේම වගේ හොදට බලාගත්ත නිසයි. හැබැයි මේක මේ කියන තරම් ලේසි උනේ නෑ.. ගුරුවරයා ඉදිරිපිට එම ගුරුවරයාගේ අන්වර්ථ නාමයෙන් කතා කිරීම, පන්තිය වැදගත් පාඩමක ඇලී ගැලී සිටිනා අවස්ථාවක හයියෙන් සිනාවීම, පන්තියේ වැඩ කරන විට එලිය බලාගන තනියම දෙඩවීම.. සිංහල period එකේ පොත කියවන්න කියූ විට සිංහල පොත වෙනුවට ඉංග්‍රීසි පොතේ පිටුවක් කියවීම වැනි එකී මෙකී නොයෙක් අවස්ථා වල මේ වයර් මාරු වීම් ගුරුවරුන්ගෙන් වසන් කිරීම ඉතාම අසීරු උනා. මොකද එවැනි අවස්ථා වල ඒක කලේ අනිකෙක් නොව වයර් මාරු වූ මේ තකතීරු වහන්සේම බව ගුරුතුමිය හොදාකාරවම දැන ගැනීමයි. එවිට අනිකා ඇදගන දිවීම වැනි මුග්ධ පියවරක් ගන්නවා හැර වෙන පිළිසරණක් නැත. පන්ති කාමරය ඇතුලේ සිටීනම් එයින්ද පලක් නැත. ඒ වැනි අවස්ථා වලට කෙසේ මුහුණ දුන්නාදැයි මා ඔබට නොකියන්නේ ඕවා මතක තබා ගැනීමට අපිට වෙලාවක් නොතිබුන නිසාය. මේ ජරමර කෙසේ විසදුනත් දෙදෙනාටම එක වර වයර් මාරුවූ විට මීට වැඩිය භයානක දේ සිදු වී තිබේ.. නමුත් අපිට ඒවා නිච්චියක් නැත.

අපි දෙදෙනාට තිබුන එක පුරුද්දකි, ඒ නම් උදැසන පාසල් පිට්ටනිය වටා කරක් ගැසීමය, එනම් පිට්ටනිය වටේ ඒක දිගට රවුම් රවුම් අවිදිමය., එක් එක් දින වල වට 6,7, 8 , 9, වශයෙන් වට ගණන වෙනස් වේ.. මේ අතර කාලය ආ ගිය තොරතුරු, T.V එකේ බලපු දේවල්, ඊට අමතරව, නොයෙකුත් විකාර තර්ක හුවමාරු කර ගැනීමට ගතවේ . විකාර තර්ක අතර ඉර ගිනි ගන්නවා නම් අභ්‍යවකාශය රස්නේ නැත්තේ ඇයි? වැනි දේ තිබිණ. ( එය විකාර තර්කයක් නොවන බව ගොඩාක් පහු කාලෙකදී දැනගතිමි). ඉතිං කොහොම හරි කතාවට ආවොත්...එක උනේ මෙහෙම,

ඔන්න ඒ වෙලාවේ වයර් මාරු වෙලා තිබ්බේ මට නෙවේ.. මගේ ඉස්තරම් මිත්‍රයා මට කතාවක් කියමින් සිටියා.කතරගම වන්දනාවේ ගිහින් ආ වාහනයක් accident එකක් හැප්පීම නිසා කීප දෙනෙක් මිය ගිය සිද්දියක්..

ඉ.මි. : ඔව් අනේ අපේ ගෙවල් පාරේ ..

මම : අපොයි ඉතිං ඔක්කොලටම තුවාලද?

ඉ.මි. : ඔව්ලු දෙන්නෙක්ද කොහොදෝ අන්තිමයි

මම: කොයි වේලාවේද වෙලා තියෙන්නේ?

ඉ.මි. : පාන්දර,

මම : ආ .... කොහේ යන්න ගිහින්ද?

ඉ.මි. : ඒ ගොල්ලෝ කතරගම යනකොට , ගිහින් එනකොට , නෑ යනකොට ගිහින් එනකොට , නෑගිහින් යනකොට ,, නෑ නෑ එනකොට , හ්ම්ම් යනකොට ...

මම : ආ ඇති ඇති ..

ඉ.මි : නෑ යනකොට ,එනකොට ...

මම : ඇති....................

ඉ.මි : ආ ඇතිද ? එත් තව ඉවර නෑ..

ඔන්න එයාට වයර් මාරු උණ වෙලාවක්, දන් බලමු මට වයර් මාරු උණ වෙලාවක්.. නැත්තන් මේක දැක්ක හැටියේ මගේ ඉ.මි. මේක ලියන්න ඉඩ තියනවා. එක නිසා මම්ම ලියනවා. ඒක නම්බුයි :)

මම එයාට රොබින් හුඩ් කතාව කියනවා, එයාට බලන්න බැරි වෙලා.

මම : ඉතිං එතන හෙන යුද්දේ , යකා එහෙං, ගිස්බන් මෙහෙන්, මැරියන් අනිත් පැත්තේ.. ඔහොම ගොඩක් වෙලා ගහගන ගහගන අන්තිමේ රොබින් පැනපු ගමන් බදා ගන්නවා...

ඉ.මි : කව්ද යකාව?

මම : ඔව් යකාව .. ඊ ... නෑ නෑ මරියන්ව.

(තප්පර 2.5 කට පසු)

මම : රොබින් මොකටද ඕයි යකාව බදාගන්නෙ ඔල්මාදෙද?

ඉ.මි : ඉතිං මමයැ කිවේ...

තවත් මෙවැනි වයර් මාරු වීම් පසුවට ලියමි...

ගහින් එන්නම් ... :)Yasasi Rajapaksehttp://www.blogger.com/profile/16687848745918750263noreply@blogger.com12tag:blogger.com,1999:blog-532792003435609110.post-65686735863554217192011-12-09T10:02:00.001+05:302012-09-19T23:34:36.674+05:30කුරුඅඩියටික කාලෙකට ඉස්සර ලස්සන ගම්මානෙක පොඩි ඉස්කෝලයක් තිබ්බ, එක එක පාට මල් පිපිච්ච , කොට තාප්ප බිත්ති තිබිච්ච පොඩි ලස්සන ඉස්කෝලයක්. ඉස්සර ඉදන් බලනකොට එක පැත්තක ඉකොලේටම තිබුන එකම පන්ති පෙළ, තව පැත්තක ලොකුම ලොකු ඔසු උයන, ඊට එහායින් සුදු පාට පිච්ච මල්, නැටුන් නටන පිට්ටනිය ඊළඟට තවත් එහායින් අර වතුර බොන ලිඳ ලඟට වෙන්න ..... ඒක තමයි ලොකු මහත්තය ඉන්න ගුරු නිවාස.

සුදු හුණු පිරියම් කරලා පොඩි පොඩි ජනේල තියල,ලස්සනට පිරිසිදුවට තිබුන ගුරු නිවස කොච්චර ලස්සනද කියනවනම් දකින කෙනෙකුට හිනාවක් ඇඳෙනවා නොදැනීම.

ඉතින් එක ලස්සන උදාසනක ඉස්කෝලේ ලොකු මහත්තය පාන්දරම අවදි උනා.

කුරුල්ලන්න්ගේ සද්දේ එක්ක අවදි උන ලොකුමහත්තය ජනෙල් පියන් දෙකම ඇරලා සිතල හුළඟට ගුරු නිවාසේ ඇතුලට එන්න ඉඩ හැරියා..

නැෂනල් එක ඇඳල, කොන්ඩේ පස්සට පීරලා උන්න ලොකු මහත්තය සිතල හුළඟත් එක්ක හිනා උනා. ළමයින්ට නිවාඩු නිසා කිසිම සද්දයක් නැති ඉස්කෝලේ හිතට නිස්කලංක බවක් ගෙනාවා .

එදා රාජකාරි ගමනක් යෙදුන දවසක්, එහා ගමේ ඉස්කෝලෙට.. ජනේලෙන් මෑත් උන ලොකු මහත්තය ඒ ගැන කල්පනා කලා.

ලේසියට කීවට ගමන ලේසි නෑ. ඉස්සර කාලේ ගම් දෙකක් වෙන උනේ මොකක් හරි බාධකයකින්, එක්කෝ කන්දක් නැත්තං වනාන්තරයක්, මේ කියන ගම් දෙක මැදට වෙන්නත් රූස්ස වනාන්තරයක් පිහිටලා තිබුනා. කොයි තරම් පාන්දර පිටත් උනත් එහා ගමට යන්න දවසක් ගත වෙනවා..

මහත්තයා....

ගමන යන්න කතා කරගන උන්න පුංචි රාල එළියේ ඉඳං ලොකු මහත්තයට කතා කලා,

ආ.. පුංච් රාල අවද?

එහෙමයි මහත්තය මේ දැන් අවේ... හෙනං සුනංගු නොවී පිටත් වෙමු මහත්තය....

ඇරලා තිබ්බ ජනේල දෙක වහල දාලදොරත් ඇදගන ලොකු මහත්තයත් ගමනට පිටත් උනා.

සිතල දවස නිසා වනාන්තරය තෙත ගතියෙන් තිබුන, පුංචි රාල උදේ කෑම ගෙනත් තිබ්බ නිසා ඒ ගැන කරදරයක් වෙන්න තිබ්බේ නෑ.

වනන්තරේ සෑහෙන්න දුරක් යන තුරු ගම්මු හදාගනිපු පාරවල් එමට තිබ්බ, හරක් හොයන්න , දර හොයන්න , බෙහෙත් වර්ග හොයන්න , එකී මෙකි නොකී හැම දේකටම වනාන්තරය ගම්මුන්ට උපකාරයක් උනා, මේ පාරවල් ඒ සහජීවනයෙන් නිසා ඇදුනු සලකුණු.....

ලොකු මහත්තය එහෙම හිතන ගමන්ම පුංචි රාල එක්ක වනාන්තරේ ඇතුලට අතුරුදහන් උනා..

පුංචි රල ගමනට කියාපු ගොය්ය. මොන තරම් මහා වනාන්තරේක කරක් ගැහුවත් උන්දැට කතන්දර වලින් නම් අඩුවක් තිබ්බේ නෑ. එකක් ඉවර වෙනකොට එකක් කතන්දර කිය කිය පුංචි රාලයි ලොකු මහත්තයයි රූස්ස වනාන්තරේ මැදින් යනවා,

විසකුරු සත්තු පිරුන වනාන්තරේ බොහොම ප්‍රවේසමට අඩිය තියන්න ඕනා, සතා සරුපය හැම තැනම, තනියා වලහ කොටිය වගේ නපුරු සත්තුන්ගෙන් ප්‍රවේසම් වෙන්නත් ඕනා. මේ සත්තු එලියට බහින්නේ ඉර බැහැගන යන වෙලාවට, හරියට පාර පේන්නෙත් නැති ගොම්මන් වෙලාවට වනන්තරේ කරක් ගහනවා කියන්නේ බොහොම භයානක දෙයක්. ඔන්න ඔය හේතුව නිසා තමයි පුංචි රාල වනන්තරේ මැද්දේ තිබ්බ පොඩි ගමක තෝරා ගත්තේ එදා රාත්‍රිය ගත කරන්න. මොකද එහා ගමට යන ගමන මුළු රාත්‍රිය පුරාම ගියත් යන්න බැරි බව උන්දැ දැනගන උන්නා.

ලොකු මහත්තය මේ ගම් මැද්දේ අපේ නෑ කෙනෙක් ඉන්නවා. අපි එහෙ ඉඳල පාන්දර පිටත් වෙමු. ලොකු මහත්තයට මම ආරච්චිල ගෙදර ලෑස්ති කොරලා තියෙන්නේ.

ආරච්චිලාගේ ගෙදර නම් ඉඩකඩ ඇති ගෙයක් වෙන්ට ඇති , ලොකු මහත්තය හිතුව.

ඔන්න ඉර බැහැගන යන හැන්දෑවේ ලොකු මහත්තයයි පුංචි රාලයි අර කිව්ව ගමට ආව. ගමක කීවට ගමටම තිබ්බේ ගෙවල් 10 ක් විතර යි එක මිදුලයි. ලොකු මිදුලක් වට කරලා වටේට ගෙවල් හදල තිබුන, මේ අතර ඒ හැටි වෙනසක් නැති නමුත් පිලක් තියෙන ගෙදරක් තිබුන, පුංචි රාල කීවා "ලොකු මහත්තය අරක තමයි ආරච්චිලාගේ ගෙදර ". ලොකු හුණු පිරියම් කරපු ගෙයක් ගැන හිතාගන උන්න ලොකු මහත්තයට මේ ගෙදර දැක්කම පොඩි පසු බැස්මක් ඇති උනා. එත් ඉතින් දැන් මොනවා කරන්නද , ආපු එකේ ඉන්නත් එපාය.

ආරච්චිල ගෙදර ඉස්සරහ නතර උන පුංචි රාල උගුරේ රැල් බුරුල් ඇරලා අරච්චිලට කතා කළා.

ඒ හඬට ගෙයි ඉඳං එලිටය ආවේ බොහොම තේජස් තියන උස මහත් පුද්ගලයෙක්.

ආරච්චිලා මහත්තයෝ මෙ0 අර මං කිව්ව අපේ ලොකු ඉස්කෝලේ මහත්තය. පුංචි රාල ලොකු මහත්තයව අදුන්නලා දුන්න.

ආ අපේ මහත්තය එමු ඇතුලට ආරච්චිල ගේ ඇතුලට ආරාධනා කළා.

ගේ කිව්වට ලොකු මහත්තයට හම්බුනේ වෙනදට ආරච්චිලට අයති වෙච්ච පිල. පිල උද අලුත් පැදුරක් දාලා බොහොම ගරු සරුවට පිලියල කරලා තිබුනා.

දැන් රෑ බෝ වෙච්ච නිසා පුංචි රාලත් එක්ක පහල ඇලට ගිය ලොකු මහත්තය මුණ කට හෝදගන ගෙට ගොඩ උනා. හොද සුවඳක් දැනුන නිසා ලොකු මහත්තයට බඩගිණි වැඩි උනා. එත් එක්කම ආරච්චිලා අමුතු මේසයක් වගේ එකක් අරන් ඉස්සරහට ආවා. එක කනප්පුවක් වගේ. ඊට වඩා පොඩියි එක කකුල අගින් තුනට බෙදිලා . මුදුන රවුම් මේකට කිව්වේ කූරු අඩිය කියලා. මේ කුරු අඩියේ තමයි කෑම බෙදල තිබුනේ. මස් මොනවදත් එක්ක තව තව මාළු පිනි සෑහෙන්න තිබුන නිසා ලොකු මහත්තයත් සෑහෙන්න කෑවා. කාල ඉවර වෙලා ගෙනත් තිබ්බ වතුර එකෙන් අත හෝදගන වතුර බීලා ටිකක් දිග ඇරෙන්න හදනකොට පොඩි කොලු පැන්චෙක් ඇවිත් කූරු අඩිය අලුත් කළා. මේ පාර තවත් ගොඩක් බතුයි, මී කිරි හට්ටියකුයි, ගෙනත් තිබ්බ. තවත් බත් කන්න බැරි නිසා ලොකු මහත්තය මී කිරි හට්ටිය විතරක් කෑවා. කාලා ඉවර උනාම අර පැන්චම කූරු අඩිය අරන් ගියා. කොහොමෙන් හරි සැහෙන්න කාපු ලොකු මහත්තයට නින්ද ආවේ නෑ.

මේ අතරේ ගෙදර කට්ටිය කන්න පටන් අරන් , ගෙයි මැද කෑල්ලේ ඉඳං එයාල කෑම කනවා ලොකු මහත්තයට පේනවා.එක එක මාළු පිනි එක එක හට්ටි වල තිබුනා. මෙයාලට කෑමෙන් නම් අඩුවක් නැති පාටයි , ලොකු මහත්තයා හිතුවා. ඒ මදිවට කන්න ගියාම යක්කු වගේ කනවා. හේන් කොටන උදවියනේ, කන්න පුළුවන් ඕන තරම්. මේ ගමේ අනික අයටත් ඔහොම කන්න තියනවද දන්නේ නෑ . ලොකු මහත්තය අර කට්ටිය දිහා බලාගන කල්පනා කරනවා. බත් කාලා ඉවර උන ගමන් ඒ ගොල්ලෝ කිරි කන්න ගත්තා. හැබැයි ලොකු මහත්තයා කාපු විදිහට නම් නෙවේ. අත හේදුවේ නෑ . කූරු අඩිය උඩට ආයෙත් බත් බෙදාගත්තා, පොඩ්ඩක් නෙවේ තවත් ගොඩක්. ලොකු මහත්තය ඔහේ බලාගන ඉන්නවා. ඊ ලඟට කරපු දේ දැකල ලොකු මහත්තයට ඇස් උඩ ගියා. ඒ ගොල්ලෝ කිරි හට්ටිය ඒක උඩට හලා ගත්තා. ඊට පස්සේ හොදට අනලා කන්න ගත්ත . මේ කන විදිහ දැකලා ලොකු මහත්තයට හරියට දුකයි. අපරාදෙ නේද දුන්න එක කෑවේ නැත්තේ කියලා. මේ කන විදිහ බලගන උන්නත් අස හිතෙනවා. එත් එකක්ම මෙහෙම කන්න මහා පෙරේත කමකුත් ඇති උනා. කොහොමින් හරි අපිට ගිය ගමන් මෙහෙම කන්න ඕනි කියල ලොකු මහත්තය හිතා ගත්තා. පහුවදාට එලි වෙලා පුංචි රාල ආවා. අරච්චිලට ස්තුතී කරපු ලොකු මහත්තයයි පුංචි රාලයි යන්න පිටත් උනා. පිටත් උනා කිව්වට තව ආපු ගමන අවේ නෑනේ උදෙන්ම පිටත් උනේ ඉස්කෝලෙට යන්නනේ, මේ උන්න තැන ඉඳං එහා ගමේ ඉස්කෝලෙට එච්චර දුරක් නැති නිසා. ගිය කරනෙත් ඉස්ට කරගන උදේම්ම ආපහු එන්නත් මේ දෙන්නට පුළුවන් උනා.

යන ගමන් වෙන පාරකින් ආව නිසා අර ගෙදර අයෙත් නවතින්න බැරි උනා , කිරියි බතුයි පෙරේත කමේම ලොකු මහත්තය ගෙදර ආව.

ගිහින් ඇවිත් ඉස්සල්ලම කල වැඩේ මොකද්ද දන්නවද . බතුයි කිරියි ගෙන්නගන එකට අනාගන කෑව එක.

"ඒක පුදුම රසයි පුතා". පස්සේ දවසක ඒ ලොකු මහත්තය හෙවත් මගේ සීයා මට කිව්වා.

Yasasi Rajapaksehttp://www.blogger.com/profile/16687848745918750263noreply@blogger.com0tag:blogger.com,1999:blog-532792003435609110.post-36006686872751511862010-12-29T17:13:00.001+05:302010-12-29T17:18:45.379+05:30තේ කොල ගෙනා හැටිමගේ සීයගේ ගුරු ජීවිතේ කතන්දර ගොඩාක් තියනවා. හුඟක් ඒවා හෆොයි තමයි, මේ කතාව සීයට උන එකක් නම් නෙවේ මගේ තාත්තට උන එකක්.. (සීයා කියන්නේ මගේ තාත්තගේ තාත්තනේ)

සීයා මුල්ගුරුතුමෙක් නිසා කාලෙන් කාලෙට මාරු වීම් ලැබෙනවා. ඉතිං අපේ තාත්තලත් එත් එක්ක යන්න ඕනි.

ඉස්සර මම පොඩි කාලේ අහනවා "තාත්තා කොයි ඉස්කොලෙටද ගියේ" කියලා.
තාත්තා කියනවා "ගොඩකට ගියා" .
එතකොට මං අහනවා "කීයකට ගියාද?"
එතකොට තාත්තා කියනවා "මට මතක නෑ" .
මං එතකොට හිතිං හිතනවා "බොරු වෙන්න ඇති" .
දැන් තමා තෙරෙන්නේ

කොහොමහරි මේ කියන කාලෙදි සීයා උගන්වලා තියෙන්නේ මදුරුපිටියේ ,

මිරිගමට ආසන්න බොහොම ලස්සන ගම්මානයක්..

ඉතිං මේ වෙනකොට තාත්තට අවුරුදු අටක් විතර කාලේ.
එක දවසක් උදේක සුදුඅම්මා(තාත්තගේ අම්මා)තාත්තට කීවලු..
"පුතා කඩේට හිගින් තේකොළ ටිකක් අරං එන්න"
කියලා

තාත්තල ඉඳලා තියෙන්නේ ඉස්කෝලේ ගුරු නිවාසේ. හැම ඉස්කෝලෙම වගේ ගුරු නිවසේ තමා තාත්තලා ඉඳලා තියෙන්නේ.

කොහොම හරි මේ ගුරු නිවාසෙට අල්ලපු වැටේලු කඩේ තිබිලා තියෙන්නේ. අඩි දෙකෙන් කඩේ.. (shortcut) හැබැයි හරි විදිහට නම් කඩේට යන්න වටයක් යන්න තිබිලා තියනවා.

තාත්තට සුදුඅම්මා කියපු එක ඇහුන ගමං හිතුනලු කඩේට බසිකලෙන් යන්න..

මොකද ඊට ඉස්සරින් දවසේ තමයි තාත්තා ඉස් ඉස්සල්ලාම බයිසිකලේ පොල්ලට උඩින් කකුල දාලා
පදින්න පුරුදු වෙලා තියෙන්නේ.. එහෙම පුලුවන්ය කියලා කට්ටියට පෙන්නනත් එපෑ.

ඔය ටික කල්පනා උන ගමං තාත්තා බයිසිකලේ අරං රුං ගාල ඉගිල්ලුනාලු කඩේ දිහාවට..

ඉතිං යනගමං එක එක වැඩ ඔලුව උස්සගන යනවා

පාත් කරගන යනවා..

කකුලක් උස්සගන යනවා..

ඇල වෙලා යනවා..

අප්පේ...

පොඩි මහත්තයා වැටෙයි. ඕක දකින ගැමියෙක් කියනවා

ඉතිං ඊට වඩා සතුටක් වෙන කොයින්ද?

හදිස්සියෙම තාත්තට අලුත් අදහසක් අවා..

අත් දෙක අතඇරල පැද්දොත් කොහොමද..

ගමේ තරමක ගැටවරයෝ එහෙම කරනවා එයා දැකලා තිබුනා.

ඉතිං දෙපාරක් නොහිතම තාත්තා අත් දෙක අතඇරියලු..

අතඇරියා විතරයි..
කොහෙදෝ තිබ්බ ගොඩැල්ලක් පැනපි බයිසිකලේ ඉස්සරහට..

අප්පේ..

තාත්තා උඩීං ගිහිං ඇමිනිච්චි කඩේ වැටේ..

කාට කියන්නද

අපොච්චියේ කව්ද බොලේ වැටුනේ..
කඩේ ලඟ උන්න සේරම වට උනා..

මේ ලොකුමහත්තයගේ පුතා නේද?

ගමේ කට්ටිට ඔලුව පහලට හිටින්ඩ වැටේ ඇමිනිලා හිටපු පොඩි මහත්තයව ගලවලා ගත්තා..

අප්පේ සර්වාන්ගෙම හිරිලා නේද මහත්තයෝ?

ඇහ්.. රිදෙන්නෙනෑ.

තාත්තා අමාරුවෙන් කියා ගත්තලු.

යමු ගෙදර කියල ගමේ කෙනෙක් වඩා ගත්තලු තාත්තව හරහට.

වස ලැජ්ජාවයි වැටේ ඇමිනුනා මදිවට හරහටත් යමංකෝ..

හෆොයි

මේ අතරේ තේකොල ගේන්න ගිය ලමයා හොයාගන ඉස්තොප්පුවට එනවලු සුදුඅම්මා..

තේකොලයි ලමයයි කෙසේවෙතත් පෙරහැරක්ම එනවා මොකෝ දන්නේ නෑ..
සුදුඅම්මා හිතුවා.

ඉස්කොලේහාමිනේ මේ පුතා වැටේ ඉඳලා අපි මේ එක්කං අවා..

ආ මං ඒත් බැලුවා කෝ කියලා..

මදැයි එක්කෙනෙක් තේකොල ගෙන්ඩ ඇරියා දැන් ඉත්ං තේකොලයි රත්හඳුන්නුයි දෙකම ගේන්ඩ වෙනවා..

සුදුඅම්ම එහෙම කියනකොටත් තාත්තා
පේන මානෙක උන්නේ නෑලු..Yasasi Rajapaksehttp://www.blogger.com/profile/16687848745918750263noreply@blogger.com5tag:blogger.com,1999:blog-532792003435609110.post-87068792874048754542010-11-04T22:51:00.001+05:302010-11-04T22:54:23.035+05:30සුදූ ...... හාල් සේරුවක් ගේන්න.මේ කතාව වුනේ නම් දැනට මාස තුන හතරකට ඉස්සෙල්ලා.

එදා මාසේ අන්තිම දවස. කැම්පස් ඉවර වෙලා අපි දෙන්න ගෙදර එන ගමන්.කොහොම කොහොම හරි අපි දෙන්නා වෙන් වෙන තැනටම අවා. එයා සමු අරගෙන ගියාට ටික වෙලාවකට පස්සේ මගේ ජංගමයට මැසේජ් එකක් ආවා.

සුදූ හාල් සේරුවක් ගේන්න.

මට නිකන් පිස්සු වගේ ( කොහොමත් ඉතින් වෙන් වුන ගමන් පිස්සු වගෙ තමා ). මොකද මට සුදූ කියන්නේ ( මම සුදු නැති උනත් ) එයා විතරයි. ඒ හින්දා මට මීටර් උනේ ඒ මැසේජ් එක එයා එව්ව එකක් විදියට. මම හැරෙන තැපෑලෙන් ගත්තා call එකක්.

මොකක්ද පැටියො මේ හාල් සේරුවේ කථාව ?

එයත් අන්දුන් කුන්දුන් වෙලා මම අහපු එකට. එයා කියනවා එයා එහෙම එකක් එව්වේ නෑලූ. ඊට පස්සෙ බලද්දී තමා දැක්කේ ඒක එවලා තියෙන්නේ අපේ අක්කා.

මම දැන් ෆුල් හොල්මන් අපේ අක්කා මොකද මේ කවදාවත් නැතිව මට සුදූ කියන්නේ ? වෙන එක්කෙනෙක්ට යවපු එකක් වැරදිලාවත් මගේ එකට ඇවිල්ලද ? එයාට මොකටද හාල් ගේන්න කියන්නේ ? ප්‍රශ්ණ ගොඩයි. !! ඕකත් හිත හිත මම කඩෙන් සම්බා හාල් කිලෝ එකක් අරගෙන ගෙදර ගියා.

ගෙදරට ගොඩ වෙන්නත් කලින් අපේ අම්මා මෙගෙන් අහනවා පුතේ කැකුළු හාල් ගෙනාවද හෙට කිරිබත් හදන්න ? එතකොට තමා මගේ මීටරේ ඔන් උනේ. අක්කා සුදූ කියලා තියෙන්නේ මට නෙමේ. හාල් වලට. (:කැපිටල් පී)

කොහොම කොහොම හරි එදා මරු බයිටක් තමා කන්න උනේ. දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා. හනෙ හෆෝයි මටත් වෙච්චි දෙයක්.

ක්‍රිෂාන් රංදික ජයකොඩිhttp://www.blogger.com/profile/03447306875487182661noreply@blogger.com2tag:blogger.com,1999:blog-532792003435609110.post-17899510771332509642010-07-23T10:42:00.003+05:302010-07-23T10:48:34.370+05:30පොඩි කතාවක්ලියුවේ යසසි

ඔන්න එක පොඩි ගෑණු ලමයෙක් උන්නා...

එයගේ හොඳම යාලු පොඩි පිරිමි ලමයෙකුත් උන්නා..

ඉතින් එක දවසක් මේ දෙන්නා මොකක්දෝ එකකට රංඩු උනා..

පොඩි ගෑණු ලමයා හයියෙන් සද්ද කරලා මෙහෙම කීවා..

"අපේ තාත්තා පොලීසියේ..!"

පොඩි පිරිමි ලමයාත් ඇරියේ නෑ.

ඒකා කීවා "අපේ තත්තා ටීච කෙනෙක්..!!"

පොඩි ගෑණු ලමයා ටිකක් කල්පනා කලා...

"අපේ අම්මත් පොලිසියේ...!"

ඉස්සරටත් වැඩිය හයියෙන් මේ පාර..

"අපේ අම්මත් ටීච කෙනෙක්..!!"

පොඩි පිරිමි ලමයා කට ඇද කරලම කීවා..

ඔහොම ටිකක් සැරට රන්ඩුව ගිහින් එදාට ඉවර උනා...

පොඩි ගෑනු ලමයා ගෙදර ගිහින් තත්තා එනකන් බලන් උන්නා..

තාත්තා අවම එයා කියනවා..

තත්තේ .. තාත්තට හෙට ඉස්කොලේට එන්න පුලුවන්ද?

පොඩි ඉල්ලීමක්නේ.. අහක දාලා බෑනේ.. ඉන්ජිනේරු තාත්තා නිවාඩු දාන්න පොරොන්දු උනා..

පහුවදා උනා...

ඔන්න පොඩි ගෑණු ලමයා ඉස්කොලේ ගියා..

පොඩි පිරිමි ලමයත් ඇවිත් උන්නා..

දෙන්න හොඳට කාත බහත් කලා..

ටික වෙලාවකින් පොඩි ගෑනු ලමයගෙ තාත්තා ඉස්කොලෙට අවා..

පන්තියේ දොර ගාවට ගිහිං තාත්තා පිලිගත්ත පොඩි ගෑනු ලමයා,

"ඔහොම පොඩ්ඩක් ඉන්න තාත්තේ..."

කියල විදිලි වේගයෙන් අනිත් පැත්ත හැරුනා අර පොඩි පිරිමි ලමය ගාවට ගියා..

"චටාස්" ගාලා කන රත් වෙන්න පාරක් ගැහුවා ආපහු තාත්තා ලඟට දිව්වා

"හරි තාත්තේ... තාත්තා යන්න.."

හිනා කටෙං පොඩි ගෑනු ලමය කීවා..

අර පොඩි පිරිමි ලමය තාමත් කන අල්ලන් කල්පනා කරනවලු මොකො උනේ කියලා..

කතාව කොහොම වෙතත් ඔය පොඩි ගෑණු ලමය මම නම් නෙවේ ඔන්න....Yasasi Rajapaksehttp://www.blogger.com/profile/16687848745918750263noreply@blogger.com13tag:blogger.com,1999:blog-532792003435609110.post-92078014853686186112010-05-27T09:09:00.000+05:302010-05-27T09:09:35.992+05:30ශ්‍රී සුභ වෙසඟේ මෙත් මල් පිබිදේවා !!!!

ශ්‍රී සුභ වෙසඟේ මෙත් මල් පිබිදේවා !!!!
ක්‍රිෂාන් රංදික ජයකොඩිhttp://www.blogger.com/profile/03447306875487182661noreply@blogger.com2tag:blogger.com,1999:blog-532792003435609110.post-79449801930456419542010-05-17T18:20:00.002+05:302010-05-17T18:31:37.153+05:30සුදු මහත්තයයි ,ලොකු මහත්තයයි ,ඉංග්‍රිසි මහත්තයයි.
මේ කතව ලියන්නේ විශේෂ හේතුවකට.. අදට මගේ සීයා මිය ගිහින් සත් වසරක්.

එත් පුදුමයකට මට කෙදිනකවත් ඔහු සිහි වීමෙන් දුකක් දැනිල නෑ ඒ වගේ සීයෙක්ගෙ මිනිබිරියක් වෙන්න මං මොන තරම් වාසනවන්තද?

ඔන්න එදා අපේ පාසලේ මුල් ගුරුතුමාට(ලොකු මහත්තයට) උදා උනේ කලබල උදෑසනක්. මොකද අදයි පාසලේ වර්ශික විනෝද චාරිකාව.. මේ වර ඒක යෙදිල තිබුනේ පෙරදෙණිය මල් වත්තට..

ඒ කලබල උදෑසනින් පස්සේ අපේ ලොකු මහත්තයට ඉස්පාසුවක් ලැබුනේ දැන්.. මල් වත්තේ පිට්ටනියේ දුව පනින ලමයි කැලත දිහා නිස්කලංකේ බලා උන්න අපේ ඉස්කොලේ මහත්තයට ලමයි ටික පෙනුනෙත් පිපිලා නටන මල් පොකුරක් වාගේ..
සුදු පාට නැශනල් එක ඇඳලා.. බංකුවෙ වාඩි වෙලා.. කකුලක් පිට කකුලක් දාගන උන්න ලොකු මහත්තය අමුත්තෙක් ඒ ලඟට එනකම්ම තේරුනේ නෑ..

"ආහ්.. මේ සුදු මහත්තයෙක්නේ" ලොකු මහත්තයට හිතුනා..

හැමදාම මුවේ තියන හිනාව තව ටිකක් පලල් කරලා ලොකු මහත්තය, සුදු මහත්තයත් එක්ක හිනා උනා
සුදු මහත්තයත් කට පුරවල හිනා උනා.. පරණ යාලුවෙක් හම්බ උනා වගේ..

ආරාධනා කරන්නත් කලින්ම සුදු මහත්තයා ලොකු මහත්තයා ලඟින් වාඩි උනේ.. කලිංම හිතාගන ආවා වගේ..

සුද්දෙක් වගේ උස මහතට ඉන්න ලොකු මහත්තය දැක්කම සුදු මහත්තයටත් ආස හිතෙන්න ඇති කතා කරන්න

දැන් ඉතින් සුදු මහත්තයයි අපේ ලොකු මහත්තයයි බංකුවේ දෙකොනේ වාඩි වෙලා ලමයි දිහ බලන් ඉන්නවා..

ලමයිනුත් ඒ පැත්තට දුවනවා.. මේ පැත්තට දුවනවා.. උඩ පනිනවා..
හිනා වෙනවා. . වැටෙනවා.. එක වැඩයි..
ලමයි ගොඩක් එකට වැටුනම දන්නවනේ ඉතිං...

ඔහොම ඉන්න අතරේ සුදු මහත්තයට සන්තෝස හිතිල අපේ ලොකු මහත්තයට කීවා..
"Nice children"(හුරතල් ලමයි ටික)

අපේ ලොකු මහත්තයත් කට පුරෝලා හිනා වෙලා "yes" කීවා

"who are they?"(කව්ද මේ ලමයි?)

සුදු මහත්තයට තව ප්‍රශ්නයක්..
"All of them are my children.."(මේ ඔක්කොම මගේ ලමයි..)

ලොකු මහත්තයා ගානකට නැතිව කීවා..

ඒක අහපු ගමං සුදු මහත්තයගේ මුණ එහෙම පිටින් වෙනස් උනා..

ඇස් බැමි දේක හත් ගව්වක් උඩට ඉස්සුනා..

හක්ක පනින තරමට කට ඇරුනා..

පුදුමය විශ්මය දෝරේ ගලන්න උනා..

ඉතිං ඔහොම ටික වෙලවකින් සිහි එලවා ගත්ත සුදු මහත්තයා හෙමීට කෙඳිරුවා..
"My goodness theres such a lot..."

හොඳ වෙලාවට මේ දෙබස ඒ ලඟින් ගිය, ඉස්කොලේ ඉංග්‍රිසි මහත්තයට ඇහුනා..

ඉංග්‍රිසි මහත්තය ඇවිත් අපේ ලොකු මහත්තයගෙන් ඇහුවා..

"ඇයි මහත්තයා"

ලොකු මහත්තයත් උන දේ කීවා..
ඉංග්‍රිසි මහත්තයටත් හිනා.. ලොකු මහත්තයටත් හිනා..

ඇයි දැන්නේ වෙච්චි අලකලංචිය තෙරුනේ..

ඉතිං දෙන්නම එක්ක එකතු වෙලා සුදු මහත්තයට තෙරුම කරල දුන්නා..

"my children" කිවට මේ පාසලක ලමයි. ලොකු මහත්තය අදහස් කලේ මගේ පාසලේ ලමයි යන්න බව

දැන් සුදු මහත්තයයි අපේ ලොකු මහත්තයයි ඉංග්‍රිසි මහත්තයයි දෙකට නැවි නැවී හිනා වෙනවා..

"මහත්තයා මෙතන ලමයි 50කට කිට්ටුයි.. "
ඉංග්‍රිසි මහත්තයා හිනා වෙන ගමං කියනවා..

සුදු මහත්තයත් මොනවදෝ ඉංග්‍රිසියෙන් කියව කියව හිනා වෙනවා..

ලොකු මහත්තයගේ හිනාව බලන්න ලස්සනයි..

ලමයි තාමත් නටනව දඟලනවා..

හවස් වෙගන එන වෙලාවේ ලොකේ ලස්සනම තැනක මුනගහිලා හිනා උන හැටි ලොකු මහත්තයට.. එ කීවේ මගෙ සියට මට කියන්න මතක තිබ්බා වගේ..

සුදු මහත්තයටයි ඉංග්‍රිසි මහත්තයටයිත් ජීවිතේටම මතක තියෙන්න ඇති...Yasasi Rajapaksehttp://www.blogger.com/profile/16687848745918750263noreply@blogger.com3tag:blogger.com,1999:blog-532792003435609110.post-82353196896428080512010-05-17T16:32:00.003+05:302010-05-17T16:42:35.605+05:30Chrishan how come that rock came in to poet’s room?මේක මම O/L’s කරද්දී සිද්ධ වුන සිද්ධියක්. මම O/L වලට අතිරේක විෂයක් විදියට ඉංග්‍රිසී සාහිත්‍ය කලානේ. ඒකට ගිය ටියුෂන් ක්ලාස් එකේදී තමා මේ සිද්ධිය උනේ. ඇත්තටම මම ඔය ක්ලාස් එකට ගියේ කැමැත්තකින් නෙවේ. අපේ අක්කත් කරපු හින්දා මට ගෙදරින් බල කරලා කිව්වා Lit කරන්න කියලා. පටන් ගන්නකොට කෙල්ලෝ 20ක් විතර හිටියා. කොල්ලො හිටියේ 3න් දෙනයි. මාර චාටරේ තමයි හිටියේ. කෙල්ලොන්ගේ පැත්ත ෆුල්. අපේ පැත්ත හිස්.

සිද්ධිය වුනේ මේකයි. අපි Syllabus එක පටන් ගන්න ඉස්සෙල්ලා තියන වෙන ආදර්ශ පොතක් කර කර හිටියේ. අපේ අක්කා මට කලින් මේ ක්ලාස් එකට ඇවිත් තිබ්බ හින්දා අපි කරපු ඒ ආදර්ශ පොතේ තිබ්බ අමාරු වචන වල තේරුම් ඒ වචනයට උඩින් පැන්සලකින් ලියල තිබ්බේ. ඉතින් මම ඕක මගේ ආයුදේ කර ගත්තා. මැඩම් වචනවල තේරුම අහපු ගමන් මුලින්ම පැනලා උත්තර දෙන්නේ මම තමා.

ඉතින් ඔය වැඩේ ජයටම කෙරීගෙන ගියා. දැන් ක්ලාස් එකම හිතන් ඉන්නේ මම නොම්බර එකේ වැඩකාරයා කියලා. ඔන්න අළුත් දවසක් උදා වුනා. එදා කරන්න තිබ්බේ poem එකක්. එකේ තිබ්බේ තමාගේ අපිරිසිඳු කාමරය ගැන කවියා කියන විස්තරයක්. ඔන්න ඉතින් අපි වැඩේ කරගෙන යනවයි කියල කියමුකො. මැඩම් වචන වල තේරුම් අහනවා කට්ටිය පැන පැන තේරුම කියනවා. ඔන්න ටික වෙලාවකින් මැඩම් ඇහුවා වචනයක්. මාත් බැලුවා පොත දිහා. වෙලාවට අක්කා ඒ වචනේ තේරුම ලියලා තියනවා. අක්කටත් පිං දෙන ගමන්ම මම පන්තියටම ඇහෙන්න කිව්වා ඒ අහපු වචනයේ තේරුම පොතේ ලියලා තිබ්බ විදියට ROCK (පර්වතය)කියලා. ඔන්න ඉතින් කොල්ලට ෆුල් හැපි. ඒත් ඉතින් තාම මැඩම් කිව්වේ නෑ උත්තරේ හරි කියලා. මාත් ඉතින් බැලුවා මැඩම් දිහා බොහෝම ආඩම්බරයෙන්.

මෙන්න බොලේ මැඩම් කන්න වගේ බලන් ඉන්නවා. බලන් ඉඳලා අහපි

Chrishan how come that rock came in to poet’s room? කියලා.

මම බැලුවා මෙච්චර දවස් ශේප් එකේ කරන් ආපු වැඩේ මාට්ටුද කියලා. එහෙම හිතලා ආපහු පොත බලද්දි තමා දැක්කේ ඒක ROCK (පර්වතය) නෙමේ RACK (රාක්කය) කියලා. දැන් ඉතින් මොනවා කරන්නද ? ක්ලාස් එකේ ඔක්කොම මගේ දිහා බලන් ඉන්නවා. දැන් ඉතින් කරගන්න දෙයක් නෑ. මම ශේප් එකේ කිව්වා

Sorry Ma’am it should be rack not rock කියලා.

කොහොම හරි වැඩේ මාට්ටු මුළු පන්තියටම. චාටර් කෝටියයි තව චුට්ටයි. කොහොම කොහොම හරි ඉතින් මාසයක් විතර යනකන් කට්ටියගෙම කටේ තිබුනේ Chrishan how come that rock came in to poet’s room? තමා. හෆෝයි. එහෙම චාටරයක් කෑවේ නෑ කවදාවත්ම.ක්‍රිෂාන් රංදික ජයකොඩිhttp://www.blogger.com/profile/03447306875487182661noreply@blogger.com3tag:blogger.com,1999:blog-532792003435609110.post-58790927458479675252010-05-15T10:22:00.004+05:302010-05-15T10:31:11.696+05:30රුපියල හම්බ උනු හැටි.
ලියුවේ යසසි..

හෆොයි බ්ලොග් එකෙ තියෙන්න ඕනි මොනවද කියල අහපුවම වගකිව යුත්තා කිවේ හෆොයි කියල හිතෙන ඕනිම දෙයක් කියල. ඉතින් එතකොට මගේ ඉස්කොල ජිවිතෙ අමතක කරන්නෙ කොහොමද? ඒක ඉතින් පටන් ගත්ත දවසේ ඉඳලම හෆොයි තමයි..

පොඩිම කාලෙ වෙච්ච දෙයක් කියල ඉන්නම්කො ඉස්ස්කොලෙට යන්න කලිංමේක සිද්ද උනේ මගේ ආදරනීය සීය ජිවත් වෙලා ඉන්න කාලේ..

අපේ සීයා හරීම ලස්සනයි. බොහොම උසයි ඒ වගේම මහතයි.. කොන්ඩේ සුදුම සුදුයි.. නැශනල් එක තමයි ඇන්දේ. සීයා ගෙදරට ඇන්දේ සරමයි මේස් බැනියමයි.. මේස් බැනියම යට කරල එහෙම සරමට.. හරීම ලස්සනයි.. හිටපු මුල් ගුරුවරයෙක්.. හ්ම්ම්..

ඉතින් කතාව කියල ඉන්නම්කො.. ඔන්න සීයයි මමයි විතරයි ගෙදර, අම්ම ඉස්කොලේ ගියාම හැමදාම ඔහොම තමයි..

සීයා පුටුව උඩට වෙලා පොතක් කියවනවා. එහෙමත් නැත්තං ඔය පරන කවි පොතක කවියක් හිමිට මුනුනනවා.. ඒ ගමං හාංසි පුටුවෙ ඇන්දට තාලෙට තට්ටුවක් දානවා..

මම හාංසි පුටුව පාමුල චිත්‍රයක් අඳිනවා, නැත්තං පොතක් කියවනවා, නැත්තං මොනවා හරි ගැන ඔහේ කියවනවා..

නැතුව ඉතිං සීයත් එක්ක ඔට්ටු දුවන්නයැ..

කම්මැලි කමට සීයත් එක්ක ඔහොම ඉන්න වෙලවක, ඔය ලඟ පාත රුපියලේ කාසියක් තියෙන්න ඇති, කොයි හරි වෙලාවක මං ඕක කටේ දාගන්නත් ඇති, මට ඉතිං කටට දාගත්තට පසෙ ඔවා ගැන හොයන්න වෙලවක් නැහැනේ..
ඉතිං කියන්නේ මට ඒක ගිලුනා..

අවුරුදු 4ක ලමයෙකුට රුපියලෙ කාසියක් ගිලගන්න පුලුවං

උගුරෙන් පහලට යනකං ටිකක් අමරුයි එත් පුලුවං,

ඔන්න උගුරෙන් පහලට යන ටිකට මට පොඩි කැස්සක් ආවා...

එතකොටම සීයගෙ කවිය නැවතුනා..

මා දිහා බැලුවා..

එක මොහොතින් සීයට සියල්ල අවබෝධ උනා..
මං නැගිට්ටා.. සීයත් නැගිට්ටා..
සීයා මාව හරහට වඩා ගත්ත එත් හදිස්සියට සියට මාව අහු උනේ අනිත් පැත්තට..

එතන ඉඳං සීය දුවන්න පටන් ගත්තා..
මට මුකුත් හිතා ගන්න බෑ.. රුපියල හුඟක් වටිනව ඇති, මං හිතුවා,
මගේ බඩ සීයගේ අතට හිර වෙලා.. ඒ ගමනත් හරි විනෝදයි.. ඔහොම යන ගමං මම කටෙන් සද්දයක් දාන්න පටන් ගත්තා.. අ අ අ අ අ ආආආ අ අ තාලයක් නැති උනත් උඩට පහලට ගැස්සි ගැස්සි යන නිසා ඒක ලස්සන තලයක් උනා..

වෙලවකට පොලවට ලං වෙනව ආයේ ඈත් වෙනවා.. මගේ සින්දුවත් නැගල යනවා..

ඒ වෙලේ පොඩි ප්‍රස්නේකට තිබුනේ වෙලාව.. කාල ඉවර උන ගමංමයි.. නොනවත්වාම බඩ කැලතෙන්න අරං මට වමනේට ආවා..

මම නවත්ත ගන්න හැදුවා මොන.. කාපුවා සේරම ගියා..

හෆොයි මට හිතුනා..

කාලා වමනේ දානවට අපේ අම්මා කැමතිම නෑ, මට එහෙම හිතුනේ ඒක නිසා වෙන්න ඇති

අර මොකද්ද? හෆොයි මට ආයෙත් හිතුනා..

"සීයේ" මම කෑගැහුවා..

"ඇයි පුතා.." සීය දුවන ගමන්ම ඇහුවා..

"සීයේ රුපියල වැටුනා.. අපිට ඒක ඕනි නේද? එක අරං යං..".

සීයා නැවතුනා..

නවත්ත ගන්න බැරි හිනාවක් කටේ..

"වැටුන නම් කමක් නෑ පුතා".

"කොහොම හරි රුපියල හම්බ උනානේ නේද සීයේ.. "මං පණ්ඩිත කතාවක් කීවා.

මේ වෙනකංම මුනින් අතට කනපිටට උන්න මාව සීය බිමිං තිබ්බා..

අපි දෙන්නම ගෙදර දිහාවට ඇවිදන් ගියා...

සීයා ඔට්ටු දුවන්නත් නරකම නෑ වගේ...

මට හිතුනා.Yasasi Rajapaksehttp://www.blogger.com/profile/16687848745918750263noreply@blogger.com13tag:blogger.com,1999:blog-532792003435609110.post-24411519404778922292010-05-01T11:27:00.004+05:302010-05-01T11:31:13.375+05:30I Love You !

<object width="480" height="470">
<param name="movie" value="http://s3.amazonaws.com/graffitiswf/graffiti_external.swf?random_name=14e4edc88720c294dc553d952f4c0eff">
<embed src="http://s3.amazonaws.com/graffitiswf/graffiti_external.swf?random_name=14e4edc88720c294dc553d952f4c0eff" type="application/x-shockwave-flash" width="480" height="470"></embed>
</object>

ක්‍රිෂාන් රංදික ජයකොඩිhttp://www.blogger.com/profile/03447306875487182661noreply@blogger.com0tag:blogger.com,1999:blog-532792003435609110.post-59395417926816348022010-04-24T21:47:00.003+05:302010-04-24T21:55:01.220+05:30නොවැළැක්විය හේතුවක් මත අද දින පැවැත්වෙන බ්ලොග් මැරතන් තරඟයට සහභාගී විය නොහැකි බව දැන්වීමට කැමැත්තෙමි !
නොවැළැක්විය හේතුවක් මත අද දින පැවැත්වෙන බ්ලොග් මැරතන් තරඟයට සහභාගී විය නොහැකි බව දැන්වීමට කැමැත්තෙමි !ක්‍රිෂාන් රංදික ජයකොඩිhttp://www.blogger.com/profile/03447306875487182661noreply@blogger.com3tag:blogger.com,1999:blog-532792003435609110.post-25739106183140113342010-04-17T23:34:00.000+05:302010-04-17T23:36:02.008+05:30එන්න මාත් එකක මැරතන් දුවන්න !ක්‍රිෂාන් රංදික ජයකොඩිhttp://www.blogger.com/profile/03447306875487182661noreply@blogger.com0tag:blogger.com,1999:blog-532792003435609110.post-69065747525563934412009-06-02T16:02:00.000+05:302009-07-08T22:11:57.039+05:30"හෆොයි"ක්‍රිෂාන් රංදික ජයකොඩිhttp://www.blogger.com/profile/03447306875487182661noreply@blogger.com1